අංගුත්තර නිකාය සුත්‍ර දේශනා
Audio With External Links Item Preview
Share or Embed This Item
- Topics
- ධර්ම දේශනා, Sinhala, Dhamma, SLBC, ගුවන් විදුලි, Anguttara, Anguttara Nikaya, Sutta, Dhamma, Dharma desana, tipitaka, Buddhism, Anguththara, anguttara nikaya, suthra talks, tripitaka, අංගුත්තර, සුත්රදේසනා, Anguttara
- Item Size
- 1.9G
ධර්ම දේශනා අසන්නට අද ඉතා පහසුය. අන්තර් ජාලයේ දස දහස් ගණනක් දේසනා ඇත. සිංහල ධර්ම දේශනා පළමුවරට ජාතියට සංවේදනය කලේ 1928 අප්‍රේල් 28 වැනි දාය. ඒ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. ඒ අති ගරු පැලෑනේ වජිරඥාන ස්වාමින් වහන්සේ විසින් එදා “කොළඹින් කතාකරයි “ නමින් වූ එම සේවය අද දක්වාම මෙම සත් කාරය දිනපතා සිදු කරයි.
ඒ බොහෝ හරවත් දේසනා අද අසන්නට නැත්තේ හරියාකාර සංරක්ෂණයක් සිදු නොවූ නිසාය.සොයා ගන්නට හැකි වූ පැරණි දේශනා සමහරක් මේ LINK එකට පිවිසීමෙන් අසන්නට හැක.
මෑතකදී ප්‍රචාරය වන දේශනා හැකි පමණින් පටිගතකොට සංරක්ෂණය පිණිස ARCHIVE ගොන්නට මෙසේ එක් කරමු. ඔබ සතුව වටිනා දේසනා ඇතොත් මෙහි ඇතුල් කිරීමට දන්වන්න
ත්‍රිපිටකයේ ඒ ඒ නිකායක සුත්‍ර ඇසුරින් කල දේසනා වෙන් කොට මෙහි ගොනු කර ඇත.
මජ්ජිම නිකායේ සුත්රාන්ත දේසනා
සංයුක්ත නිකායේ සුත්රාන්ත දේසනා
අංගුත්තර නිකායේ සුත්රාන්ත දේසනා
කුද්ධක නිකායේ සුත්රාන්ත දේසනා
COMMARCIAL COPYRIGHTS RESERVED
BY SRI LANKA BROADCASTING CORPORATION
අප බුදුරජාණන් වහන්සේ ලෝක සත්ත්වයාට මහත් අනුකම්පාවෙන් පුරා වසර 60ක කාල පරාසයක් තුල අනේකවිධ දුක් කම්කටොලු විඳිමින් දෙවියන් මිනිසුන් සහිත සත්ත්ව ප්‍රජාව තුල වැඩවසමින් සත්ත්වයින්ගේ සසර ගමන යහපත් කල අතර ම බොහෝ සත්ත්වයෝ නිවන් සුවයෙන් සනසාලූහ. එසේ දේශනා කරනලද ධර්මය පිළිබඳව අපි මීට පෙර යම් පමණකට දැනීමක් ලබා ගත්තෙමු. ඔබට මතක ඇති මීට පෙර අපි කියා දුන්නා ත්‍රිපිටකය අධ්‍යනය කරන ආකාරය . එහිදී අප විසින් ත්‍රිපිටකය කියවන්නෙකු ප්‍රථමයෙන්ම අංගුත්තර නිකාය කියවීම සුදුසු බවත් කියන ලදී. අද අපි අංගුත්තර නිකාය පිළිබඳව මුලින්ම කියාදෙන්න බලාපොරොත්තු වෙනවා.
'' එකකාදීහි අංගෙහි උපරුපරි උත්තරෝ අධිකෝ'ති =අංගුත්තරෝ '' යනු අංගුත්තර නිකායට දී ඇති අර්ථ කථනය යි. ඒකක - දුක - තික .... ආදී වශයෙන් අංගයන් මතු මත්තෙහිත් උත්තරව අධිකව පවත්නා බැවින් අංගුත්තර නිකාය යන නමින් හඳුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් මෙහි නිපාතයන් 11 ක් දක්නට ලැබේ.
- 1. ඒකක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 1 ක් පමණක් විස්තර කර ඇත.
- 2. දුක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 2ක් පමණක් විස්තර කර ඇත.
- 3.තික නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 3ක් පමණක් විස්තර කර ඇත.
- 4.චතුක්ක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 4ක් පමණක් විස්තර කර ඇත.
- 5.පංචක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 5ක් පමණක් විස්තර කර ඇත.
- 6.ඡක්ක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 6ක් පමණක් විස්තර කර ඇත.
- 7.සත්තම නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 7ක් පමණක් විස්තර කර ඇත.
- 8.අට්ඨක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 8 ක් පමණක් විස්තර කර ඇත.
- 9.නවක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 9 ක් පමණක් විස්තර කර ඇත.
- 10.දසක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 10 ක් පමණක් විස්තර කර ඇත.
- 11. ඒකා දසක නිපාතය - එක සූත්‍ර ධර්මයක් තුල ධර්ම කාරණා 11 ක් පමණක් විස්තර කර ඇත.
- ශීලයන් පිලිබඳ කතා
- ධූතාංග පිලිබඳ කතා
- කසිණ භාවනා ආදී සමථ භාවනා ක්‍රම පිලිබඳ කතා
- ධ්‍යාන සමාපත්ති පිලිබඳ කතා
- ආර්‍ය්‍ය සත්‍ය පිලිබඳ කතා
- හේතු ඵල සම්භන්ධතාවය පිලිබඳ කතා
- සමථ - විදර්ශනාවන් පිලිබඳ කතා
- ශ්‍රාවක චරිතාපධානයන්
- පුද්ගල ධර්මතා
- රාජ්‍යය පාලන ක්‍රම
- ප්‍රාදේශික විස්තර
- Addeddate
- 2019-02-10 15:59:50
- External_metadata_update
- 2019-07-10T16:56:13Z
- Identifier
- AnguttaraDesana
- Scanner
- Internet Archive HTML5 Uploader 1.6.4
comment
Reviews
19,915 Views
DOWNLOAD OPTIONS
IN COLLECTIONS
Radio CeylonUploaded by Sinhala Dhamma on
Open Library